මිනිස්සුන්ට ශ‍්‍රිලනිපයක් රකින්න උවමනා නෑ.. මෙහෙම ගියොත් අපි ඉවරයි.. ශ‍්‍රිලනිප ඇමති හතරක් ඉල්ලා අස්වෙන්න යයි..

තව දුරටත් ආණ්ඩුවේ සිටියහොත් තම දේශපාලන ආනාගතය මෙතනින් අවසන් වන බැවින් වහාම තීන්දුවක් ගත යුතු බව ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමති පිරිසක් කොළඹ දී සාකච්චා පවත්වා තිබේ.
පෙර ආණ්ඩුවේදී ඇමති ධුර දරද්දී දිනකට මිනිසුන් පන්සියයක් පමණ ආවත් දැන් දහයක් වත් නොපැමිණෙන බවත් පාක්‍ෂිකයින්ද තමන් ගණන් ගන්නේ නැති බවත් සාකච්චා වී ඇති මෙම පිරිස තව දුරටත් ශ‍්‍ර‍්‍රීලනිපය රැකගැනීම යනු බිමේ මිනිසුන් ඉල්ලා සිටින සටන් පාඨයක් නොවන බවද සාකච්චා වී ඇත.
මේ තත්වය මත තව දුරටත් දේශපාලනයේ යෙදීම සඳහා කල යුතු හොඳය දෙය වන්නේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වී විපක්‍ෂ බලවේග සමඟ එක් වී මහජනයාගේ පැත්තේ සිට ගැනීම බවද එජාප ඇමතිවරුන් තමනට සලකන්නේ අතපල්ලෙන් වැටුනා ගානට නිසා තවත් මේ දීගය නම් කිසිසේත්ම කෑ නොහැකි බවත් අවධාරණය කර ඇති සිවු දෙනෙකු පමණ වූ මෙම ඇමති පිරිස ඉතා ඉක්මනින් අවසන් තීන්දුව ගැනීමටද තීරණය කර ඇත.
SHARE

About කැලුම් නිරංජන.

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment